මුල් පිටුව


අප අමතන්න


දුරකථන නාමාවලිය


වෙබ් අඩවි සිතියම


  ‍ඉතිහාසය
  අමාත්‍යාංශය
  සංවිධාන ව්‍යුහය
  නිලධාරි මණ්ඩලය
  බන්ධනාගාර ආයතන
  ‍පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය
  දැක්ම,මෙහෙවර,ඉලක්ක
  ‍බන්ධනාගාර ලාංඡනය සහ ආදර්ශ පාඨය
  ‍බන්ධනාගාර ගීතය
  නීති හා රෙගුලාසි
‍බඳවාගැනීම්
  ‍ස්ථාන මාරුවීම්
  ‍විභාග සහ ප්‍රතිඵල
  ‍චක්‍රලේඛ
  ‍ටෙන්ඩර් දැන්වීම්
  සංඛ්‍යාලේඛන තොරතුරු
  ‍ප්‍රකාශන සහ වාර්තා
  ‍නිවාඩු නිකේතන
ආශ්‍රීත සංවිධාන
 
 
 
  www.gov.lk

 
 
 

 

දැක්ම

මෙහෙවර

 
 
 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

එච්.එම්.එන්.සී.ධනසිංහ
නවතම සිදුවීම්

බුස්ස සිරකරු සුභ සාධක සංගමයේ ගරු අනුශාසක පුජ්‍ය පාද සුරියවැව ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වය මත බුස්ස බන්ධනාගාර සහකාර අධිකාරි එල්.පී.එම්.කරුණාරත්න මහතාගේ මුලිකත්වයෙන් බුස්ස බන්ධනාගාර සිරකරු සුභසාධක සංගමය හා බෞද්ධ සංගමය එක්වි සංවිධානය කල යුගාසන කවි විරිදු දහම් දේශනාවක් ඉල් පොදා (03) බුස්ස බන්ධනාගාර එළිමහන් රංපිඨ වේදිකා පිටියේදි පැවැත් විය. වැඩිදුර විස්තර

සී/ස බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය මගින් පාලනය වනු ලබන 1992 වර්ෂයේ දී ආරම්භ කරන ලද කතරගම කේතුමති නිවාඩු නිකේතනය ලක්ෂ 70 ක් පමණ මුදලක් වැය කරමින්  නවීන තත්ත්වයට ඔබින ගෘහ භාණ්ඩ ද සහිතව ඉතා උසස් මට්ටමින් නවීකරණය කර 2017.10.16 වන දින යෙදුණු සුභ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතාගේ සුරතින් විවෘත කරන ලදී. වැඩිදුර විස්තර



වස විසෙන් තොර දේශිය ආහාර නිෂ්පාදනයේ කඩිනම් සංවර්ධනයක් ඇති කිරිමේ අභිප්‍රායෙන් "යලි අපි නැගිටිමු අටු කොටු පුරවමු" තේමාව පදනම් කරගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියට සමගාමිව ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගාල්ල බන්ධනාගාර ප්‍රධාන ජේලර් වී.ආර් ප්‍රභාත් මහතාගේ මූලීකත්වයෙන් ගාල්ල බන්ධනාගාර පරිශ්‍රය තුල ගෙවතු වගා ව්‍යාපෘතියක් හා පළතුරු පැල රෝපණය කිරීම සිදු කරන ලදී.වැඩිදුර විස්තර

බන්ධනාගාර ප්‍රතිසංස්කරන ,පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ගරු ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන් 2017 ඔක්තෝම්බර් මස 16 වන දින  අගුණුකොළ පැලැස්ස නව බන්ධනාගාර සංකීර්ණ පරිශ්‍රය විවෘත කරන ලදී.වැඩිදුර විස්තර


වස විසෙන් තොර දේශිය ආහාර නිෂ්පාදනයේ කඩිනම් සංවර්ධනයක් ඇති කිරිමේ අභිප්‍රායෙන් "යලි අපි නැගිටිමු අටු කොටු පුරවමු" තේමාව පදනම් කරගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය සමගාමිව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා විසින් බන්ධනාගාර පරිශ්‍රයේදි පැලයක් රෝපණය කරන ලද අතර බන්ධනාගාර මුලස්ථානය කාර්යය මණ්ඩලය අමතා තමන් විසින්ම ආහාර නිෂ්පාදනය කිරීමේ වැදගත් කම හා රාජ්‍ය නිලධාරින්ගේ සක්‍රීය දායකත්වය මේ සඳහා ලබාදීමේ වගකීම හා යුතුකම පිළිබද දේශනයක් පවත්වන ලදී. මේ සඳහා සියළුම බන්ධනාගාර මුලස්ථාන කාර්යය මණ්ඩලය සහභාගි වන ලදී. වැඩිදුර විස්තර


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළු ආයතනයන්හි සේවයේ නියුතු  නිලධාරින් මහත්ම මහත්මීන් සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වයෙන් පැය 50 ක  දෙමළ භාෂා පාඨමාලාවක් පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී  පවත්වන ලදි. වැඩිදුර විස්තර


ගාල්ල බන්ධනාගාරය විසින් පාසල් සිසුන් දැනුවත් කිරීම උදෙසා පවත්වනු ලබන නොයා යුතු තැන උපදේශණ වැඩසටහන දෙනියාය ජාතික පාසල , ශාන්ත මැතිව් විදුහල සහ රාජපක්ෂ මහා විදුහල යන විද්‍යාලයේදී පසුගියදා සාර්ථකව පවත්වන ලදි. ‍ වැඩිදුර විස්තර


2017.09.12 වන දිනට යෙදුනු සිරකරු සුභසාධක දිනය නිමිත්තෙන් 2017.09.06 වන දින සිට  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් ප්‍රකාශිත සිරකරු සුභසාධක සතිය තුළ ආගමික ,           අධ්‍යාත්මික, අධ්‍යාපන, ක්‍රීඩා , සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම පවුල්හමුව , ශ්‍රමදාන වැඩසටහන් ඇතුඵ විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සිරකරුවන්ගේ ජීවිතයට පන්නරයක් කරගතහැකි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී. වැඩිදුර විස්තර

වර්ෂ 2017 ජුලි මස 16 වන දිනට යෙදුන 112 බන්ධනාගාර දිනය නිමිත්තෙන් වීරවිල සහකාර බන්ධනාගාර අධිකාරි බි.ඩි.එම්.ගාමිණී බණ්ඩාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව සක්‍රිය සේවයේ යෙදී සිටියදී මිය ගිය බන්ධනාගාර නිලධාරීන් අනුස්මරණය කිරීම උදෙසා නිර්මාණය කරන ලද බන්ධනාගාර නිලධාරි ස්මාරකය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්,නිශාන් ධනසිංහ මැතිතුමාගේ සුරතින් 2017.08.19 වන දින විවෘත කරන ලදි. වීරවිල සහකාර බන්ධනාගාර අධිකාරි තුමා, ප්‍රධාන ජේලර් ඇතුළු සමස්ථ නිලධාරින් උත්සවය සංවිධානය කරන ලදී.. වැඩිදුර විස්තර

2017.08.06 වන දින ප.ව. 5.00  ට කොළඹ කිංස්බරි හෝටලයේදි බන්ධනාගාර වර්ණ රාත්‍රී උත්සවය පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ගරු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා සහභාගි විය. වැඩිදුර විස්තර


 


දුරකථන- +94-11-4677177 ෆැක්ස් - +94-11-4677180 විද්‍යුත් තැපැල - prisons@sltnet.lk

බන්ධනාගාර මුලස්ථානය
නො.150,බේස්ලයින් පාර,කොළඹ 09
ශ්‍රී ලංකා